Sunday, July 20, 2014
රෝස ශාකයේ ඉතිහාසය
රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ.චීනය ,ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ.රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි.රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්,විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බිහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත.එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත.
පඳුරු රෝස (Shurb Roses)
මෙය ශ්‍රී ලංකාවට ආවේණික රෝසමල් වර්ගයකි.එතරම් ජනප්‍රිය නොවූවකි.වර්ෂයකට එක්වරක් පමනක් මල් පිපේ.මෙම වර්ගය "මූන්ලයිට් ෆවුන්ටන්" ලෙසට හැදින්වේ.
වැල් රෝස (Climbers and Romblers)
මෙය මූලික වශයෙන් වර්ග දෙකකි.
- වැල් රෝස (උසට වැඩෙන)
- වැල් රෝස (උසට නොවැඩෙන)
එක් වර්ගයක් දිගුව වැඩේ.ඒ සමග වැලක ස්වරූපයක් ගනී.දෙවන වර්ගය පහලට කඩා වැටේ.මේ වර්ගය ශ්‍රි ලංකාවේ එතරම්ම ජනප්‍රිය නැත.සාමාන්‍ය ලෙස ගෙවතුවල වගා කෙරේ.වැල් රෝස වගා කිරීමේ දී විශාල ඉඩක් අවශ්‍යය වේ.ආරුක්කු මත හා පියස් මත සාර්ථක ලෙස වගා කිරීමට හැකිය.
- වැල් රෝස (උසට වැඩෙන)
- අයිස් බර්ග්
- ස්කූල් ගර්ල්
- කැසිනෝ
- ගෝල්ඩන් ෂවර්
- වින්ක් පර්පැච්
- වැල් රෝස (උසට නොවැඩෙන)
- ඩොරිති
- පර්තින්
- ක්‍රිම්සන් ෂවර්
කුරු රෝස (Miniature Roses)
ශ්‍රී ලංකාවේ දී පඳුරු වශයෙන් දැකිය හැක.උස අගල් 5-10 අතර වේ. නිරන්තර රෝගයන්ට ගොඳුරු වීම නිසා වගා කිරීම අපහසුය.තෙත පස හා ශීත දේශගුණය තුළ තරමක් දුරට හෝ වගා කිරිමට හැකිය.
ෆොලොරි බණ්ඩා (Floribunda Roses)
මේ වර්ගයේ රෝසමල් තරමක් කුඩාය.සුවදක් නොමැත.ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.ඒ සමග මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ.මේ වර්ගයෙන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි ප්‍රභේද කිහිපයකි.
- මයි ගර්ල්
- චැනලි
- ක්වීන් එළිසබෙත්
- හනිමුන්
- ඩියරස්ට්
- ටිකී
- සී පර්ලි
- බියුලි ඇබේ
- ෆර්පෙක්ට්
රෝස වගාව විනාශ කර දමන රෝග සහ පලිබෝධ
වඳ දසතම පතුරුවමින් දැකුම්කලු පරිසරයක් ඔබේ ගෙමිදුලට රැගෙන එන සුන්දර රෝස වගාවටත් අ සුන්දර වූ රෝග බහුල ව වැළඳේ. විශේෂයෙන්ම දිලීර හානිය සහ කෘමි හානිය රෝස ගසෙහි මුල්, කඳ, පත‍්‍ර, මල් ආදියට වින කරනු දක්නට ලැබේ. මේ අතරින් වඩාත් බහුලව දැකිය හැකි රෝගයකි කලු ලප රෝගය. ප‍්‍රථමයෙන්ම රෝස පත‍්‍ර මත කහ පැහැති පුල්ලි හට ගන්නා අතර පසුව ඒවා කලු පැහැති පැල්ලම් වශයෙන් දැකිය හැකිය. ඉතා ඉක්මණින් පැතිර යන මේ රෝගය නිසා පත‍්‍රය කහපාට ගැසී හැළි යයි. සමහර අවස්ථා වලදී කඳට වැළඳීමෙන් රෝස ගස මැරී යාමට ද ඉඩ තිබේ.ජලවහනය දුර්වල වීම, අධික වර්ෂාව කළු ලප රෝගය වැඩි දියුණු කරන අතර පේරාපිනෙබි, හෝක්ලෝරොතැලෝනිල් අඩංගු දිලීර නාශක භාවිතය මඟින් මේ රෝගය මර්ධනය කරගත හැකිය. කළුලප රෝගය මෙන්ම සුදු පුස් රෝගය ද බහුලව දක්නට ලැබෙන්නකි. ළපටි පත‍්‍ර, මල් පොහොට්ටු සහ කඳමත සුදු පැහැති පුස් දැකිය හැකිය. මේ තත්ත්වය මත බොහෝ විට ළපටි පත‍්‍ර මේරීමට ප‍්‍රථම හැළී යයි. පස වියළීම සහ මුල් වියළිම මෙම රෝගය උත්සන්න කරන අතර දැඩි ලෙසින් හානි වී ඇති කොටස් ඉවත් කිරීම තුළින් සහ ක්ලෝරෝතැලෝනිල් අඩංගු දිලීර නාශක යෙදීම තුළින් මේ සුදු පුස් රෝගය අවම කරගත හැකි වේ. රෝස ශාකයේ ඉහළ සිට පහළට අතු මැරීයාම ද රෝස වගාවේ දක්නට ලැබෙන රෝගයකි. කඳේ පහළ කොටස් තුවාල වීම මුල් ජලයෙන් තෙත්ව තිබීම, සුදු පුස් හෝ කළු ලප රෝගය වැළඳී තිබීම ඊට හේතු සාධක වේ. මාධ්‍යයේ ජලවහනය දියුණු කිරීම, නිවැරැදි ලෙස අතු කැබැලි කැපීම, පාංශු ප‍්‍රතිකාර කිරීම ආදිය මාර්ගයෙන් මෙම රෝගය පාලනය කළ හැකි වේවි. මෙම රෝස වගාවේ දිලීර රෝග මෙන්ම පළිබෝධ හානි ද දැකිය හැකියි. ඒ අතරින් වැඩිපුර මයිටා හානිය දක්නට ලැබෙන අතර රෝස පත‍්‍ර යටි පැත්තේ යුෂ උරාබොන කුඩා කෘමියකු ලෙසින් මෙය හඳුනා ගෙන ඇත. පත‍්‍ර මතුපිට කහවීම සහ පත‍්‍ර හැකිළීම මෙහි රෝග ලක්‍ෂණ වේ. උණුසුම් වියළි කාලයේ දී මෙන්ම සුළං අධික කාලයේ ද මේ මයිටා හානිය වැඩි වේ. සල්පර් අඩංගු කෘමි නාශකයක් යෙදීම තුළින් මයිටා හානිය අවම කරගැනීමට පුළුවන.කඳේ අග‍්‍රස්ථ කොටස්වලින් යුෂ උරා බී රෝස වගාවට හානිකරන විනාශකාරී කුඩා කෘමියෙකි කූඹිත්තා. විවිධ පාටින් දක්නට ලැබෙන මේ කෘමීන් නිසා පසෙහි වර්ධනය බාල වී මල් විකෘති වීම සිදුවේ. සංස්ථානික කෘමිනාශක භාවිතයෙන් මෙම උවදුර පාලනය කළ හැකියි. ළපටි මෙන්ම තරමක් මේරූ කඳන් මත සහ පත‍්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බොන පිටි මකුණාද රෝස වගාවේ දැකිය හැකිය. සුදු පැහැති කුඩු විශේෂයකින් ශරීරය ආවරණය කරගෙන සිටින මේ පිටි මකුණා විනාශ කිරීම සඳහා සංස්ථානික කෘමි නාශක සහ තනුක සබන් ද්‍රවණ යෙදිය යුතුය. පැරැණි රෝස අතුමත සහ මුල්මත ජීවත්වන කොරපොතු කෘමියා ද මෙම ශාකයේ යුෂ උරාබොමින් ගසට හානිකරයි. කඳට ඇලී සිටීම සහ ඝන බාහිර ආවරණය නිසාම විනාශ කිරීමට අපහසු මේ කොරපොතු කෘමි රෝගයට සංස්ථානික කෘමි නාශක යෙදීම වඩාත් උචිතය.මීට අමතරව කඳ විදින පණුවා, රෝස පණුවා, කුහුඹු වේයා, මල් සහ පත‍්‍ර කන කුරුමිණියා මෙම රෝස වගාවට හානිකරන සතුන් ලෙසින් හැඳින්විය හැකිය. මේ සතුන් වඩාත් ව්‍යාප්තව නැතිනම් අතින් අහුලා ඉවත් කළ හැකි අතර රෝගය අධිකව වැළඳී ඇත්නම් කෘමිනාශක යෙදීම සුදුසු වේ.
දැකුම් කලු රෝස මල් ලබා ගැනිමට අත්‍යවශ්‍ය පොහොර
රෝස වගාවට පොහොර භාවිතා කිරීමේදී කාබනික පොහොර මෙන්ම රසායනික පොහොරද යෙදිය හැකියි. ඒ අනුව වැඩුණු රෝස පඳුර වටා ඇති රෝපණ ද්‍රව්‍ය සහිත පස ඉවත් කර හොඳින් දිරාගිය ගොම පොහොර සහ කොම්පෝස්ට් පොහොර පැළය වටා පැතිර යන පරිදි යොදන්න. ඉන් පසුව කලින් ඉවත් කළ පස්වලින් වසා දැමීම කළ යුතුය. ඉහත සඳහන් කාබනික පොහොර මාධ්‍යයට අමතරව එන්. පී. කේ.(N. P. K.) අනුපාතයට මූලික පොහොරක් සකසා යෙදීම කළ හැකියි.ඒ සඳහා,* ඇමෝනියම් සල්පේට් කොටස් 2* ටි‍්‍රපල් සුපර් පොස්පේට් කොටස් 2* මියුරේට් ඔෆ් පොටෑෂ් කොටස් 1(2. 2. 1) වශයෙන් ගෙන හොඳින් මිශ‍්‍ර කොට පැල තුනකට අවුන්ස දෙකක් පමණ වැටෙන සේ පැළයට අඟල් 6 - 8 ඈතින් යොදන්න. ඉන්පසුව පස සමඟ හොඳින් මිශ‍්‍ර කොට ජලය වත්කළ යුතු වේවි. මෙම මිශ‍්‍රණය යෙදීමෙන් පසුව මල් පිපෙන අවස්ථාව වන විට N. P. K.අනුපාතය අනුව පහත මිශ‍්‍රණය (3. 4. 1.) යෙදිය යුතුවේ. ඇමෝනියම් සල්පේට් 3ටි‍්‍රපල් සුපර් පොස්පේට් 4මියුරේට් ඔෆ් පොටෑෂ් 7මෙම පොහොර සැපයීමේ දී පළමු පොහොර නිර්දේශය වූ 2. 2. 1 අනුපාතය යෙදිය යුත්තේ කප්පාදු කිරීමෙන් පසුව දලු එන අවස්ථාවේදීය. එම පළමු යෙදීමෙන් පසුව මල් පිපීම ආරම්භයේ දී දෙවැනි පොහොර නිර්දේශය වූ 3. 4. 1 අනුපාතය යෙදිය යුතුවේ. මීට අමතරව කාබනික දියර පොහොර ද භාවිතා කළ හැකියි. එහිදී පැළෑටියේ එක් එක් අවධීන් අනුව අවශ්‍ය මූූලද්‍රව්‍ය වැඩි පොහොර භාවිතා කරන්න. රෝස වගාවට පොහොර යොදන අවස්ථාවේදීම රෝස පඳුරු කප්පාදු කිරීමෙන් පොහොර යෙදීම පහසු වන අතර එයින් මාස දෙකක කාලයක් තුළදී මල් ලබා ගැනීමද කළ හැකියි. මෙම වගාවේ වැවෙන වල් පැලෑටි ඉවත් කිරීම, දැඩි වියළි කාලගුණ තත්ත්ව යටතේ වසුං කිරීම වැනි කි‍්‍රයාකාරකම් තුළින් ජල සංරක්‍ෂණය සහ රෝස පඳුරු නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබේ.
Subscribe to:
Posts (Atom)