Pages

Sunday, July 20, 2014

රෝස කප්පාදුව

රෝස ගස් කප්පාදුව සදහා හොදම කාලය අප්‍රේල් මාසයයි.කප්පාදු කිරීම සදහා දැඩි කප්පාදු යොදන්නේ නම් .පොළවේ සිට අඟල් 05 ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න.කැපූ කිනිති කුණුවීම වැළැක්වීම සදහා දිලීර නාශකයක් කැපූ ස්ථානවල ආලේප කරන්න.
  • සරල කප්පාදුව
මෙම ක්‍රමය හයිබ්‍රිට් ටී රෝස වලටත් ,ෆොලොරිබණ්ඩා රෝස වලටත් යෝග්‍යය.මෙහිදී පොළව ආසන්නයේ ඇති කිනිති කැපීම අවශ්‍යය.විශේෂයෙන් මල් පිපී අවසන් වූ පැරණි අතු කැපීම කළ යුතුය.කැපිමේ දී ඉති හැඩයකට කපා දැමීම වැදගත්ය. මේ සියලු කප්පාදු කිරීම් වලදී ආතති කැපුම් සුදුසුය.කප්පාදු කිරීම් වලදී මේ සදහා "සෙකට්‍රියල්" කතුරක් යොදා ගැනීම වඩාත් සුදුසුය.එමෙන්ම මුල් ශාකයේ කිනිති ඇති අංකුරය ආසන්නයේම නව අංකුරය බාලවේ. සමහරවිට නොවැඩී යයි.කප්පාදු කිරීමෙන් සතියකට පසු රෝස ගසේ මුල පස් ඉවත් කොට වියළී ගිය පැරණි මුල් කප්පාදු කොට දිලීර නාශකයක් ඉසීම වැදගත්ය. ඉන්පසු පස බුරුල් කොට පොහොර විශෙ‍‍්ෂයෙන් යෙදීම අවශ්‍යය.

0 comments:

Post a Comment