Pages

Sunday, July 20, 2014

රෝග හා පළිබෝධ

රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාටවිම ,කළු පුල්ලි ඇතිවීම ,රෝග ලක්ෂණයි.වර්ෂාව සමග රෝග බහුලව පැතිරි යයි. ක්‍ෂණිකව දිලීර නාශකයක් යෙදීම අවශ්‍යය.මේ සදහා ප්‍රොපීනොබ් ,අඩංගු දලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය වේ.
  • පසු මැරීම---- ගසේ කඳ මැරීමේ රෝගය ලෙසට හැදින්විය හැක.මුල සිට ඉහලට කළුපැහැ ගැන්වෙන තෙතමනය අධිකවිම නිසා සිදුවේ.මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම කළයුතුය.

  • සුදු පුස් රෝගය---ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකිය.පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරේ.මෙය රෝස වගාවට බහුලව වැළදෙන රෝගයකි.වාතයේ ජල වාෂ්ප වැඩි කාලයට අධික සුළං ඇති කාලයට මෙය අධික ලෙස පැතිරී යයි.මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්දනය කලහැකි වේ.

  • කූඹින්ගෙන් වන හානිය---කූඹින්ගෙන් ද රෝස වගාවට හාන් පැමිණේ. කොළවල යුෂ උරා බොයි.ගස් ඉතා ඉක්මනින් විනාශ වේ.මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මර්දනය කල හැකි වේ.

  • පිටි මකුණා---මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොයි. සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස පෙනේ. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.
  • කොරපොතු කෘමියා---මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වේ.මේ සදහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්දනය කල හැකි වේ.
  • කඳ විදින පණුවා----ළපටි කඳ සිදුරු කොට ජීවත් වේ.මර්දනය සදහා ගස් ගලවා පුළුස්සා දැමිය යුතුය.
මීට අමතරව කුරුමිණියන් ,කුඩා පණු විශේෂ ,දළඹුවන් ,යුෂ උරාබොන කෘමීන්,මයිටයින් මර්දනය සදහා කෘමිනාශක යොදා පාලනය කල හැකිය.

0 comments:

Post a Comment