Pages

Sunday, July 20, 2014

දැකුම් කලු රෝස මල් ලබා ගැනිමට අත්‍යවශ්‍ය පොහොර

රෝස වගාවට පොහොර භාවිතා කිරීමේදී කාබනික පොහොර මෙන්ම රසායනික පොහොරද යෙදිය හැකියි. ඒ අනුව වැඩුණු රෝස පඳුර වටා ඇති රෝපණ ද්‍රව්‍ය සහිත පස ඉවත් කර හොඳින් දිරාගිය ගොම පොහොර සහ කොම්පෝස්ට් පොහොර පැළය වටා පැතිර යන පරිදි යොදන්න. ඉන් පසුව කලින් ඉවත් කළ පස්වලින් වසා දැමීම කළ යුතුය. ඉහත සඳහන් කාබනික පොහොර මාධ්‍යයට අමතරව එන්. පී. කේ.(N. P. K.) අනුපාතයට මූලික පොහොරක් සකසා යෙදීම කළ හැකියි.ඒ සඳහා,* ඇමෝනියම් සල්පේට් කොටස් 2* ටි‍්‍රපල් සුපර් පොස්පේට් කොටස් 2* මියුරේට් ඔෆ් පොටෑෂ් කොටස් 1(2. 2. 1) වශයෙන් ගෙන හොඳින් මිශ‍්‍ර කොට පැල තුනකට අවුන්ස දෙකක් පමණ වැටෙන සේ පැළයට අඟල් 6 - 8 ඈතින් යොදන්න. ඉන්පසුව පස සමඟ හොඳින් මිශ‍්‍ර කොට ජලය වත්කළ යුතු වේවි. මෙම මිශ‍්‍රණය යෙදීමෙන් පසුව මල් පිපෙන අවස්ථාව වන විට N. P. K.අනුපාතය අනුව පහත මිශ‍්‍රණය (3. 4. 1.) යෙදිය යුතුවේ. ඇමෝනියම් සල්පේට් 3ටි‍්‍රපල් සුපර් පොස්පේට් 4මියුරේට් ඔෆ් පොටෑෂ් 7මෙම පොහොර සැපයීමේ දී පළමු පොහොර නිර්දේශය වූ 2. 2. 1 අනුපාතය යෙදිය යුත්තේ කප්පාදු කිරීමෙන් පසුව දලු එන අවස්ථාවේදීය. එම පළමු යෙදීමෙන් පසුව මල් පිපීම ආරම්භයේ දී දෙවැනි පොහොර නිර්දේශය වූ 3. 4. 1 අනුපාතය යෙදිය යුතුවේ. මීට අමතරව කාබනික දියර පොහොර ද භාවිතා කළ හැකියි. එහිදී පැළෑටියේ එක් එක් අවධීන් අනුව අවශ්‍ය මූූලද්‍රව්‍ය වැඩි පොහොර භාවිතා කරන්න. රෝස වගාවට පොහොර යොදන අවස්ථාවේදීම රෝස පඳුරු කප්පාදු කිරීමෙන් පොහොර යෙදීම පහසු වන අතර එයින් මාස දෙකක කාලයක් තුළදී මල් ලබා ගැනීමද කළ හැකියි. මෙම වගාවේ වැවෙන වල් පැලෑටි ඉවත් කිරීම, දැඩි වියළි කාලගුණ තත්ත්ව යටතේ වසුං කිරීම වැනි කි‍්‍රයාකාරකම් තුළින් ජල සංරක්‍ෂණය සහ රෝස පඳුරු නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබේ.

1 comments: