Pages

Sunday, July 20, 2014

රෝස පැළ සිටුවීමේ දී සැළකිය යුතු කරුණු

ගෙවත්තේ රෝස වගා කිරීමේ දී සුදුසු පරිදි පාත්ති සකස් කොට පසුව රෝස ගස් සිටුවීමේ දී පරතරය පිළිබද සැළකිළිමත් විය යුතුය.මේ සදහා වර්ගීකරණය අනූවකළයුතුය.
හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක්අතරපරතරයඅඩි03වියයුතුය. කුරු රෝස මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.
වැල් රෝස ඉතා මිටි බැවින් පරතරය අඩි 10 පමණ විය යුතුය.
උසට වැවෙන වැල් රෝස ශාකය ‍බොහෝ විට ඉතා උස බැවින් ගස් දෙකක් අතර පරතරය අඩි 06 පමණ විය යුතුය.
  • භාජන තුළ රෝස පැළ සිටුවීම
භාජන තුළ රෝස පැළ සිටුවිමේ දී භාජනය හා පස් මිශ්‍රණය වැදගත් වේ.මේ සදහා කුඩා ප්‍රමාණයේ භාජන යොදා ගැනිමට වඩා මඳක් විශාල භාජන යොදා ගැනීම වැදගත්ය. පළමුව අවශ්‍යය පස් මිශ්‍රණය සකසා ගත යුතුය.සිටුවීමෙන් පසු දින 10ක් පමණ යනතෙක් සෙවණ ලැබෙන සේ තැබීම වැදගත්ය.ඒ කාලය තුළ සුළු ප්‍රමාණයක් ජලය ලබා දිය යුතුය.පැළවී ඇති පැළයක් නම් අනෙකුත් පැල සමග එකට නොතිබීම ද වැදගත්ය. අලුත් පැළයක් සිටුවීමේ දී බැක්ටීරියා නාශකයක් සුළුවශයෙන් යෙදීම වැදගත්වේ. *අතුමගින් බෝ කිරීම මේ සදහා වඩාත් සුදුසු වන්නේ පහසුවෙන් වගාකළ හැකි රෝස වර්ගයන්ය.මෙහිදී අතු මගින් බෝ කිරීම ඉතාමත් පහසු ක්‍රමයයි.ඒ සදහා ගසේ මැදින් අඟල් 9 කට කපාගත් කැබැල්ල ජලය සහිත බඳුනක තබා පසුව අඟල් 8 ක පරතරයක් සිටින සේ සිටුවා ගත යුතුය. මෙහිදී කිනිති කැබලිවලට අවශ්‍යය උත්තේජනය ලබාදීම සදහා හෝමෝනයන් යොදා ගැනීම වැදගත්ය. අඩුම වශයෙන් සති 2-1 අතර කාලයකදි මුල් ඇදිම සිදු වේ.පසුව අලුත් ශාකය වෙනත් භාජනයක සිටුවාගත හැකිය.

0 comments:

Post a Comment