Pages

Sunday, July 20, 2014

රෝස ශාකයේ ඉතිහාසය

රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ.චීනය ,ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ.රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි.රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්,විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බිහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත.එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත.

0 comments:

Post a Comment